ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරනලදී. එය 1982 අංක 17දරණ සමාගම් පනත යටතේ ලාභ නොලබන සංවිධානයක් ලෙස ලියාපදිංචි කරඇති අතර 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ නැවත ලියාපදිංචි කර ඇත.
ප්‍රචණ්ඩත්වය සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් මැතිවරණවල ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය තහවුරු කිරීමට සිවිල් සමාජය මැදිහත්වීමේ අවශ්‍යතාවය මතුව තිබූ අවස්ථාවක මෙම සංවිධානය ගොඩනැගුණි.
පැෆ්රල් සංවිධානය පිහිටුවීමේ එක් ප්‍රධාන අරමුණක් වූයේ මැතිවරණවලට පෙර, මැතිවරණ අතරතුර සහ පශ්චාත් මැතිවරණ සමයේ සිදුවන ප්‍රචණ්ඩත්වය සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනතා ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කිරීමයි. පැෆ්රල් සංවිධානය පිහිටුවීමෙන් පසු ඒ මගින් , සිවිල් සමාජ සංවිධාන විශාල සංඛ්‍යාවක් සමඟ සහයෝගයෙන්, පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ සහ ජනාධිපතිවරණ යන රටේ පැවැත්වෙන සියලුම මැතිවරණ නිරීක්ෂණය කර ඇත. ඒ මගින් වසර ගණනාවක් පුරා, රටේ විවිධ ප්‍රදේශවල ඡන්දදායකයින්ගේ අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ යහපාලනය වැනි ක්ෂේත්‍රවල උපදේශන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා ඇත. පැෆ්රල් සංවිධානය සිය සියලු ක්‍රියාකාරකම්වලදී අතිශය ස්ථිරසාරවූ මධ්‍යස්ථභාවයක් පවත්වාගෙන යාමට සමත්ව තිබේ.


දැක්ම සහ මෙහෙවර
දැක්ම
ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයමින්, පාලනයේ වගවීම සහ විනිවිදභාවය ප්‍රවර්ධනය කරන දේශපාලනික වශයෙන් සාක්ෂරතාවක් සහිතව බලගැන්වූ පුරවැසියන් පිරිසකින්ස මන්විත ප්‍රජාතන්ත්‍රවාදී ජාතියක් පෝෂණය කිරීම.
මෙහෙවර
හෘද සාක්ෂියට එකඟ පුරවැසි පිරිසකගේ සහ විවිධත්වය අගයන ගතික සිවිල්ස මාජයක සක්‍රීය සහභාගීත්වය හරහා සියලුදෙනා ඇතුළත් නිදහස් හා සාධාරණ මැතිවරණ ප්‍රවර්ධනය කිරීමට සහ සහතික කිරීමට මෙන්ම, යහපාලනය තහවුරු කිරීමට හිතකර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම.
අරමුණු
අධ්‍යක්ෂක මණ්ඩලය











ලේකම් කාර්යාලය


























