ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැෆ්රල් සංවිධානය සිය යෝජනා ලබාදීම ඊයේ (14) දින
සිදුකෙරින. පැෆ්රල් සංවිධානය විසින් සිය යෝජනා මාලාව සකස්කිරීමට පෙර දේශපාලන පක්ෂ, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, පුරවැසි කණ්ඩායම් හා ආයතන සමගින් දිවයින පුරාම ආවරණය වන පරිදි සාකච්ඡා ගණනාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාවන් වලදී මතුවූ අදහස් සිය යෝජනා මාලාව සකස්කිරීමේදී සැලකිල්ලට ගැනින.

