පුවත්

පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා පැෆ්රල් සංවිධානය අතර සාකච්ඡාවක් අද (07) ජල සම්පාදන අමාත්‍යාංශයේදී පැවැත්වින.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා පැෆ්රල් සංවිධානය අතර සාකච්ඡාවක් අද (07) ජල සම්පාදන අමාත්‍යාංශයේදී පැවැත්වින.

පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැෆ්රල් සංවිධානය සිය යෝජනා ලබාදීමට පෙරාතුව දේශපාලන පක්ෂ, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, පුරවැසි කණ්ඩායම් හා ආයතන සමගින් පවත්වනු ලබන සාකච්ඡා මාලාවේ තවත් එක් සාකච්ඡාවක් වශයෙන් පැවති මෙම සාකච්ඡාව තුළ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සාධනීයව වෙනස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් පුලුල් කතිකාවතක් ඇතිවිය.

මෙම සාකච්ඡාවට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජිතයින් පෙන්වාදුන්නේ පළාත් පාලනයේ සිට ජනාධිපතිවරණය දක්වා වන සියලු මැතිවරණ නිසි කාල පරිච්ඡේදයක් තුළ පැවැත්විය යුතුව ඇති බවයි. එමෙන්ම පළාත් පාලන ක්‍රමය කොට්ඨාශ හා අනුපාතිකව70:30 නියෝජිතයන් පවත්වන ක්‍රමයක් විය යුතු බවටද ඔවුන් අවධාරණය කලේය.

එමෙන්ම ජයග්‍රාහී පක්ෂයට ස්ථාවර සභාවක් ගෙන යාමට හැකිවන ලෙස අමතර එක් අසුනක් (Bonus) ලබාදිය යුතු බවත් අපේක්ෂකයන් පත්වීමේ සුදුසුකම ලෙස තරඟකාරී පක්ෂයක් අවම වශයෙන් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 2% ක ප්‍රතිශතයක් වත් ලබාගත යුතු බවටත් එම ඔවුන් පෙන්වාදුන්නේය.

තවත ඡන්ද මධ්‍යස්ථාන තුළම ඡන්දය ගනන් කිරීමට කටයුතු කිරීම තුළින් අනවශ්‍ය වියදම් පාලනය කරගැනීමට හැකිවනු ඇති බවටද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජිතයින් පෙන්වාදුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් එහි නියෝජ්‍ය ලේකම් ජී.වී.ඩී. තිලකසිරි, පක්ෂයේ උපලේකම් සරත් ආර්. රණසිංහ, භාණ්ඩාගාරික ඩඩ්ලි කලංසූරිය, විධායක සභික සංජීව ධම්මික, උපදේශක සඳක ගුණසේකර මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවූ අතර පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා හා ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනී උපේක්ෂි ප්‍රනාන්දු මෙනෙවිය සහභාගී විය.
 
ඡායාරූප - අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ නිල ෆේස්බුක් ගිණුමෙනි
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com