පුවත්

තරුණ තරුණියන් වෙනුවෙන් පැෆ්රල් වෙතින් පාඨමාලාවක්

වගකීම් සහගත දැනුවත් තරුණ ප්‍රජාවක් නිර්මාණය කරගැනීමේ අරමුණින් පැෆ්රල් සංවිධානය විසින් සකස්කරන ලද පුහුණු පාඨමාලාවක් පසුගියදා ආරම්භ විය.

සිංහල හා දමිළ භාෂා ද්විත්වයෙන්ම පැවැත්වෙන සය මාසික පාඨමාලාවක් වන මෙම පාඨමාලාව සඳහා සමස්ත දිවයින ආවරණය වන පරිදි තරුණ තරුණියන් 200 දෙනෙකු තෝරාගෙන ඇති අතර එදිනෙදා සිය ජීවිතයට අවශ්‍ය වන නීති රීති පිළිබඳව එහිදී ඔවුන් වැඩි වශයෙන් දැනුවත් කිරීමට නියමිතය. 

මැතිවරණ නීති රීති හා ක්‍රමවේදයන්, ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය, මානව අයිතිවාසිකම්, පරිසර ආරක්ෂණය, අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ නීති හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පිළිබඳව මෙහිදී පුලුල් ලෙස අවබෝධය ලබාදීමට නියමිත අතර ඔවුන් ලබාගන්නා දැනුම, ගැටලු සහගත සමාජ තත්ත්වයන් තුළදී ප්‍රායෝගිකව භාවිතයට ගැනීමට උනන්දු කරවීම මෙම පාඨමාලාවේ අරමුණයි.

මම පාඨමාලාව සඳහා අත්දැකීම් බහුල සම්පත්දායකයින් සම්බන්ධ වන අතර පාඨමාලාව සාර්ථකව අවසන් කරන අය හට වටිනා සහතික පත්‍රයක්ද
පිරිනැමීමට නියමිතය. දෙමළ මාධ්‍යය වැඩමුලුවේ පළමු සැසිය මැතිවරණ කොමිසමේ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතාගේ සම්පත් දායකත්වයෙන් පසුගිය 12 වන දින පවත්වන ලදී.

ඇමරිකානු හිටපු ජනපතිවරයෙකු වන ෆ්‍රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට් මහතා වරක් ප්‍රකාශකොට තිබුණේ අපට සෑමවිටම අපගේ තරුණ පරපුර සඳහා අනාගතය ගොඩනැගිය නොහැකි නමුත් අනාගතය සඳහා අපේ තරුණ පරපුර ගොඩනගා ගතහැකිය යනුවෙනි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com