මැතිවරණ ඉතිහාසයේ දූෂිතම මැතිවරණය ඌවයි - ජවිපෙ
ඌව පළාත් සභා මැතිවරණය තුළ ආණ්ඩුව සිදුකරන භීෂණකාරී ක්‍රියා නිසා මැතිවරණ ඉතිහාසයේ දූෂිතම මැතිවරණය බවට ඌව පළාත් සභා මැතිවරණය ඉතිහාසගත වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ඌව පළාත් සභා මැතිවරණය පළාත් සභා මැතිවරණයක් වුවත්, එය ඉතිහාසයේ රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදාගත්, වැඩිම මැතිවරණ නීති උල්ලංඝනය කළ සහ රාජ්‍ය සම්පත් වැඩිම ප්‍රමාණයක් යොදාගෙන විපක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට පහරදුන් මැතිවරණයක් බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com