පුවත්

ඡන්ද ප්‍රතිපල මිනිත්තු අටෙන් මාධ්‍යයට

මිත්‍යා මත වල එල්ලි මැතිවරණ ප‍්‍රතිපල ගැන සැක පහළ කර ගැනිම සාධාරණ මැතිවරණයටකට ලොකු බාධාවකියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රීය මහතා අද (19) බදුල්ල මැතිවරණ කාර්යාලයේදී මාධ්‍යෙව්දීන් සමඟ

ඡන්ද ප්‍රතිපල මිනිත්තු අටෙන් මාධ්‍යයට

මිත්‍යා මත වල එල්ලි මැතිවරණ ප‍්‍රතිපල ගැන සැක පහළ කර ගැනිම සාධාරණ මැතිවරණයටකට ලොකු බාධාවකියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රීය මහතා  අද (19) බදුල්ල මැතිවරණ කාර්යාලයේදී මාධ්‍යෙව්දීන් සමඟ පැවසීය.

‘ප‍්‍රතිපල ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නිකුත්කරනවා. ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනදා ෆැක්ස් මගින් මාධ්‍ය ආයතන වලට යැව්වා.ඒ ආයතනවල ඉල්ලීම පරිදි ඒගොල්ලා නව තාක්ෂණය ඔස්සේ ඒ ප්‍රතිපල ලබාදෙනවා .

ඒ සමගම  ෆැක්ස් මගිනුත් යවනවා ඊටත් අමතරව වෙබ් අඩවිය ඔස්සේත් ඒ තොරතුරු ලබාදෙනවා ඒක තමයි ක්‍රමය.

ඒක හරියට ලියුමකින් තොරතුරු දන්වා ඊට අමතරව දුරකථනයෙනුත් තොරතුරු දන්වනවා වගෙයි .

කවදාවත් මැතිවරණ කොමසාරිස් ජන්ද ප‍්‍රතිපල හඩනගා කියවලත් නැහැ .අතුරු මැතිවරණයකදි ප‍්‍රථිපල ප‍්‍රවෘත්ති ආයාතනවලට දීලත් නැහැ ඒක අඅපේ වෙබ් අඩවියෙත් අපි දානවා

අපි මුලින්ම කරන්නේ මෙහෙමයි ප‍්‍රතිපල ගණනය කරාට පස්සේ තේරිම්භාර නිලධාරීවරයාට (දිසාපතිවරයාට) ෆැක්ස් කරනවා දිසාපතිවරයාට ෆැක්ස් කර මිනිත්තු තුනකින් අපි ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට දෙනවා ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට දිලා මිනිත්තු පහකින් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට දානවා කාගේ හරි සිතේ සැකයක් තියෙනවානම් ඒක සම්පූර්ණ මිත්‍යාවක් .එය වෙනස් කරයි කියා, කාටවත් හිතෙනවා නම් ගණන් කිරිමේ නියෝජිතයන් ලබාගන්නා ප‍්‍රතිපල එක්ක එකතු කර ඒක  නිවැරැදිද නැද්දැයි බලාගන්න පුළුවන් ‘ මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කළේය

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com