පුවත්

ජනපතිවරණයේදී පොලිසිය අතට ගන්න ලොක්‌කෙක්‌ දත කයි!

මෙවර ජනාධිපතිවරණයේදී පොලිසිය මෙහෙයවීමේ කටයුත්ත පොලිස්‌ දෙපාර්තමේන්තුවට සම්බන්ධයක්‌ නැති වෙනත් නිලධාරියකු විසින් බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කිරීම පිළිබඳව පොලිස්‌ නිලධාරීහු දැඩි අ

 ජනපතිවරණයේදී පොලිසිය අතට ගන්න ලොක්‌කෙක්‌ දත කයි!

මෙවර ජනාධිපතිවරණයේදී පොලිසිය මෙහෙයවීමේ කටයුත්ත පොලිස්‌ දෙපාර්තමේන්තුවට සම්බන්ධයක්‌ නැති වෙනත් නිලධාරියකු විසින් බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කිරීම පිළිබඳව පොලිස්‌ නිලධාරීහු දැඩි අප්‍රසාදය පළකර සිටිති.

මැතිවරණයේදී පොලිස්‌පතිවරයාගේ කාර්යභාරය සියතට ගැනීමට මෙම නිලධාරියා දැඩි උත්සාහයක නිරත වන බව ද වාර්තා වෙයි. මෙම නිලධාරියා පළාත් මට්‌ටමින් පොලිස්‌ නිලධාරීන් කැඳවා රැස්‌වීම් පවත්වමින් මැතිවරණයේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද උපදෙස්‌ ලබාදෙන බව වාර්තා වෙයි.

එම රැස්‌වීම් සඳහා පොලිස්‌පතිවරයා සහභාගි කර නොගැනීමට ද මෙම නිලධාරියා කටයුතු කර ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සිටින නීතිගරුක නිලධාරීන් පවසන්නේ මෙම නිලධාරියා පක්‍ෂග්‍රාහීව කටයුතු කරන බවයි. මොහුගේ ක්‍රියාකලාපය නිසා පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ අර්බුදකාරී තත්ත්වයක්‌ නිර්මාණය වෙමින් තිබෙන බව ද වාර්තා වෙයි.

 

Source - www.divaina.com/2014/12/03/news14.html

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com