රන්ජන්ගෙන් පැය 2ක් ප්‍රශ්න කරයි
දෙරණ රූපවාහිනී නාලිකාවේ පසුගියදා රාත්‍රි විකාශය වූ දේශපාලන වැඩසටහනක් අතරතුර ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අපහාස වන අයුරින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධව පෙරේදා(6 දා) සවස ඔහුගෙන් පැය 2 ක් ප්‍රශ්න කළ බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිමල් කරුණාරත්න මහතා "දිවයින" ට පැවසීය.
මාදිවෙල පිහිටි රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී නිල නිවස වෙත ගොස් පෙරේදා සවස 6.30 සිට රාත්‍රි 8.30 දක්‌වා මෙම ප්‍රශ්න කිරීම සිදුකළ බව හෙතෙම කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම මෙසේ කීය.
"දෙරණ රූපවාහිනියේ එම වැඩසටහන විකාශය වූ අවස්‌ථාවේ මගේ නිවසේ හිතවතුන් කීපදෙනකු සිටියා. නමුත් මම කතා කළේ නැහැ. එම වැඩසටහනට මගේ ජංගම දුරකථනයෙන් කවුරුන් හරි කතා කරලා තියෙනවා. කවුරු කතා කළාද කියලා කියන්න දන්නේ නැහැ. මහින්දානන්ද ඇමැතිතුමා මා සම්බන්ධව පැමිණිලි කිරීම නිසා පොලිස් කණ්‌ඩායම් කීපයක්‌ම මගෙන් ප්‍රශ්න කළා."

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com