පුවත්

මැතිවරණය කල්දාන්නේ නැහැ

දැනට පවතින වර්ෂාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයෙහි වෙනසක් කිරීමට තීරණය කර නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

\"\"දැනට පවතින වර්ෂාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයෙහි වෙනසක් කිරීමට තීරණය කර නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමසාරිස්තුමා පෙන්වාදෙන්නේ ජනපතිවරණය සඳහා තරඟ වැද සිටින කිසිදු අපේක්ෂකයෙකු, අපේක්ෂකයෙකුගේ ඡන්ද නියෝජිතයෙකු හෝ නීතිඥයෙකු හෝ එසේ ජනාධිපතිවරණය කල්දමන ලෙසට ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.
 
කෙසේ වෙතත් පසුගියදා අපේක්ෂකයින් නියෝජනය කරන දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ නිරීක්ෂන කමිටුවේ නිත්‍ය නියෝජිතයින් හා නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමේදී දැනට පවතින කාලගුණික තත්ත්වය මත තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යය හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාදීමට අමතර කාලයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුකල බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග පෙන්වාදෙයි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com