පුවත්

ආනමඩුවේදී පිරිසකට ප්‍රහාරයක්

ආනමඩුව නගරයේ පැවති දේශපාලන රැළියක් අවසන් වී ආපසු යමින් සිටි පිරිසකට ප්‍රහාරයක් එල්ලවී ඇති බව ආනමඩුව පොලීසිය කියයි.

\"\"ආනමඩුව නගරයේ පැවති දේශපාලන රැළියක් අවසන් වී ආපසු යමින් සිටි පිරිසකට ප්‍රහාරයක් එල්ලවී ඇති බව ආනමඩුව පොලීසිය කියයි.

පසුගිය 31 වැනිදා රාත්‍රීයේ ආණමඩුව නගරයේ පිහිරි පිහිටි ඔරලෝසු කණුව ආසලදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
 
ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති එක් අයෙකු ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් දෙදෙනෙකු සුළු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

රෝහල් ගත කර ඇත්තේ ආණමඩුව - තම්මැන්නාවැටිය පදිංචි රාජකරුණා හේරත් මුදියන්සේලාගේ සුමිත් ශාන්ත රාජකරුණා නම් අයෙකි.ආඩිගම - තාමරක්කුලමේ පදිංචි විජයරත්න හේරත් මුදියන්සේලාගේ සුමේධ සංජීව ගුණවර්ධන සහ ආණමඩුව, තම්මැන්නාවැටිය - ගල්කුලම පදිංචි රාජකරුණා හේරත් මුදියන්සේලාගේ චින්තක නිරෝෂන් යන අය පහර කෑමට ලක්වූ සෙසු අයවළුන්  බව පොලීසිය කියයි.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු හදුනා ගෙන ඇති ඇති අතර එක් අයෙකු පැමිණිලිකරුවන් විසින් හදුනා ගෙන නැත.සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.

ආනමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com