ප්රචාරක කටයුතු අද මැදියමෙන් අවසන්
ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදෙන්නේ අද මැදියම් රැයෙන් පසුව කිසිදු ප්රචාරක කටයුත්තක් සිදුකිරීමෙන් වැලකී සිටිය යුතු බවයි.
එමෙන්ම මැතිවරණ කොට්ඨාශ මට්ටමින් පිහිටුවා ඇති කාර්යාල සහ දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති කාර්යාලවල සවිකොට ඇති පෝස්ටර් කටවුට් හෙට (06) වනදා පෙරවරුවේ සිට පොලීසිය මගින් ඉවත්කිරීමට පියවර ගන්නා බවත් මැතිවරණ කොමසාරිස්වමරයා පෙන්වාදී ඇත.
ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ කොට්ඨාශ මට්ටමින් පවත්වාගෙන යන කාර්යාල හෙට (06) මධ්‍යම රාත්‍රියෙන් පසුව පවත්වාගෙන යා නොහැකි බවයි.