පුවත්

නව ජනපති වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා තේරීපත්වෙයි

ඊයේ (08) පැවති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන ජනාධිපතිවරණයෙන් අභිනව ජනාධිපතිවරයා වශයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තේරී පත්වූ බව මැතිව

\"\"ඊයේ (08) පැවති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන ජනාධිපතිවරණයෙන් අභිනව ජනාධිපතිවරයා වශයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තේරී පත්වූ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කලේය.

රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී මැතිවරණ කොමසාරිස්වරයා එම නිවේදනය කල අතර ඔහු එහිදී පවසා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමෙහිලා සහයෝගය දුන් සෑම පාර්ශවයකටම සිය ස්තූතිය පුදකර සිටින බවයි. එමෙන්ම වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙතද මැතිවරණ කොමසාරිස්වරයා විශේෂ ස්තුතියක් පුදකර සිටියේය.

ඊයේ පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබාසිටි ඡන්දදායකයින් සංඛ්‍යාව 15044490 ක් වන අතර දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 12314 කදී එම ඡන්ද විමසීම පැවැත්වින.

නව ජනාධිපතිවරයා අද පස්වරුවේදී ධූරයේ දිවුරුම්දීමට නියමිත බවයි වාර්තාවන්නේ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com