පුවත්

ඌවට මන්ත්‍රී ධූර දෙකක් අඩුවෙද්දී උතුරට හා දකුණට ධූර දෙකක් වැඩිවෙයි

2014 ඡන්ද නාමලේඛනයට අනුව බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවලට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 1 බැගින් අඩුව තිබෙන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

\"\"2014 ඡන්ද නාමලේඛනයට අනුව බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවලට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 1  බැගින් අඩුව තිබෙන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

2013 වසරේ ඡන්ද නාමලේඛනය අනුව දිස්ත්‍රික් වශයෙන් තෝරාගත හැකිව තිබූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව මෙසේ 2014 ඡන්ද නාමලේඛනයට අනුව වෙනස්වී තිබෙන අතර ඡන්දහිමි නාමලේඛනයට අනුව දිස්ත්‍රික් මට්ටමින් පාර්ලිමේන්තුව සඳහා තෝරාගන්නා මන්ත්‍රී සංඛ්‍යාව 196 කි.

පසුගියදා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ගැසට් නිවේදනයක් මගින් දක්වා ඇති ආකාරයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කරගන්නා මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9 සිට 8 දක්වාද මොණරාගල දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කරගන්නා මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 සිට 5 දක්වාද අඩුවී ඇත.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කරගන්නා මන්ත්‍රී ධූර සංඛ්‍යාව 7 සිට 8 දක්වාද යාපනය දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කරගන්නා මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 සිට 7 දක්වාද වැඩිවී ඇති අතර 2014 වසරේ ඡන්ද නාමලේඛනයට අනුව සෙසු දිස්ත්‍රික්කයන්හි මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙහි වෙනස්කමක් සිදුව නොමැත.



 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com