පසුගිය ජනවාරි මස පැවති ජනාධිපතිවරණය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ වෙනසක් සිදුව ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපද නියෝජිතවරිය වන සමන්තා පවර් මහත්මිය එරට සංචාරයක නිරතවූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා හමුවේ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පෙර පැවති මානව හිමිකම් තත්ත්වයට වඩා වෙනස්වූ මානව හිමිකම් තත්ත්වයක් පැවතීම යහපත් ප්‍රවණතාවයක් බවයි.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com