පුවත්

හැඳුනුම්පත්වල දෝෂ නිවැරදි කරගන්න

ඡන්දහිමි නාමලේඛනයේ තම නම සහ ජාතික හැඳුනුම්පත් අංකය දෝෂ සහගත ලෙස සටහන්වී ඇත්නම් කඩිනමින් එම තොරතුරු නිවැරදි ලෙස සකස්කරගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.

\"\"ඡන්දහිමි නාමලේඛනයේ තම නම සහ ජාතික හැඳුනුම්පත් අංකය දෝෂ සහගත ලෙස සටහන්වී ඇත්නම් කඩිනමින් එම තොරතුරු නිවැරදි ලෙස සකස්කරගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.

ජාතික මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ ඒ අනුව එම තොරතුරු දෝෂසහගත බව අනාවරණය වී ඇත්නම් දිස්ත්‍රික්කය, ඡන්ද බල ප්‍රදේශය, ඡන්ද කොට්ඨාශ අංකය ,ග්‍රාම නිලධාරී වසම,ගෘහ අංකය හා ලිපිනය, සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය යන තොරතුරු සහ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් ලබන 25 වන දිනට පෙර තැපැල් මගින් හෝ අතින් රැගෙනවිත් බාරදිය හැකි බවට මැතිවරණ කොමසාරිස්තුමා විසින් සඳහන්කොට ඇති බවයි.

රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත එම තොරතුරු යොමුකරන ලෙසත් ඇතැම් ඡන්ද හිමියන්ගේ නම් ඡන්දහිමි නාමලේඛනයේ නිවැරදිව සටහන්වී නොමැති බවට තොරතුරු ලැබී ඇති බැවින් කඩිනමින් එම තොරතුරු සංශෝධනය කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය  කටයුතු යොදා ඇති බවටත් එම මාධ්‍යය වාර්තා පෙන්වාදී ඇත.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com