ඉන්දීය දුම්රිය ඇමැති හා නීති ඇමැති ඉල්ලා අස්‌වෙති
දූෂණ ක්‍රියා එල්ලවීම නිසා ඉන්දීය දුම්රිය ඇමැති පවාන් කුමාර් සහ නීති කටයුතු ඇමැති අස්‌වානි කුමාර් සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වී ඇත.
මෙම ඇමැතිවරුන් දෙදෙනා සිය ධුරවලින් ඉල්ලා අස්‌විය යුතු යෑයි විරුද්ධ පක්‍ෂය ඉල්ලා තිබුණි.
දුම්රිය කටයුතු ඇමැති පවාන් කුමාර්ගේ ඥතියකුද ඉන්දීය රහස් පොලිසිය විසින් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
දුම්රිය නිලධාරියකුට උසස්‌වීමක් දීමට ඔහු අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී ඇත.
නීති කටයුතු ඇමැති අස්‌වානි කුමාර් ඉල්ලා අස්‌වී ඇත්තේ ගල් අඟුරු මිලයට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com