මාර්තු 12 ව්‍යාපාරය හා පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය අතර සාකච්ඡාව
මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් හා පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතය.
මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් හා පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතය.
මාර්තු 12 ව්‍යාපාරයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් හා මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් වඩාත් විනිවිදභාවයක් ඇතිකිරීම සඳහා ගතුයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමුකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය නියෝජනය කරමින් පා.ම මහාචාර්ය ආශු මාරසිංහ, පා.ම තාරක බාලසූරිය හා පා.ම මයන්ත දිසානායක මහත්වරුන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා සහභාගීවීමට නියමිතය.