පුවත්

සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන්න - පැෆ්රල් ඉල්ලයි

සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන ලෙස පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටියි.

\"\"සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන ලෙස පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටියි. පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත ලිපියක් යොමුකරමින් පැෆ්රල් සංවිධානය පෙන්වාදී ඇත්තේ එසේ ගැසට් කොට එම පළාත් පාලන ආයතනයන්හි මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසයි. 


එමෙන්ම ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය වන, ජනතාවට ඉතාම සමීප මහජන නියෝජිත ආයතනයක් වන පළාත් පාලන ආයතන කාලයක් තිස්සේ නිලධාරී පාලනය යටතේ පවත්වාගෙන යාම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවද පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව යොමුකොට ඇති එම ලිපියෙන් පෙන්වාදී ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.



2016.04.05
ගරු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා,
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය,
නො.330, යුනියන් පෙදෙස”
කොළඹ 02.

ගරු අමාත්‍ය තුමනි,

සීමා නීර්ණය ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් පත්‍රයේ පලකරන ලෙසත් ඒවායේ මැතිවරණ කඩිනමින් පැවැත්වීමට ක්‍රියාකරන ලෙස කරනු ලබන ඉල්ලීම

ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය වන එමෙන්ම ජනතාවට ඉතාම සමීප මහජන නියෝජිත ආයතනයක් වන පළාත් පාලන ආයතන කාලයක් තිස්සේ නිලධාරී පාලනය යටතේ පවත්වාගෙන යාම ප්‍රජාතන්ත්‍රවාදී නොවන මෙන්ම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට ද බාධාවක් වන බව ඔබ තුමා හොඳින්ම දන්නා කරුණක්යැයි සිතමි. එමෙන්ම මැතිවරණ කල් දැමීමට බලපානු ලබන ප්‍රධාන හේතුවක් වන සීමා නීර්ණය කිරීමේ ගැටලුවට ප්‍රධාන වගකිව යුත්තා ද ඔබ තුමා නොවන බව අපි දනිමු. සීමා නීර්ණය සඳහා පත්කළ මුල් කමිටුව තම රාජකාරිය මැනවින් ඉටුකළේ නම් අද මෙවැනි තත්ත්වයක් උද්ගත නොවන්නට ඉඩ තිබිණි. කෙසේ වෙතත් එම කරුණු පදනම් ව දිගින් දිගටම මැතිවරණ කල් දැමීම කිසිසේත්ම සාධාරණ හෝ යෝග්‍ය නොවනු ඇත. සමහර පළාත් පාලන ආයතන මේ වන විට අවුරුදු ගණනාවක් ඉක්මවා ඇත.
1.මඩකලපුව මහනගර සභාව සහ ප්‍රාදේශීය සභා  08 ක, 2011 සිට මැතිවරණ පවත්වා නැත. 
2.වව්නියාව නගර සභාව 2012 සිට මැතිවරණ පවත්වා නැත.

3.යාපනය මහනගර සභාව 2013 සිට මැතිවරණ පවත්වා නැත
4.පුතුකුඩිඉරිප්පු හා මුහුදුබඩපත්තු අධිකරණමය හේතූන් මත 2012 සිට කල්දමා ඇත.
5.සෙසු පළාත් පාලන ආයතන 250කට වැඩි ප්‍රමාණයක් 2015 අප්‍රේල් සිට කල්දමා ඇත.
එමෙන්ම ඔබ තුමන් විසින් පත්කළ අශෝක පීරිස් මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව විසින් දේශපාලන පක්ෂ සහ නිරීක්ෂණ සංවිධාන දැනුවත් කිරීම සඳහා 2015 දෙසැම්බර් මස 11 වන දින පැවැති සාකච්ඡාවේදී සඳහන් වූයේ ඒ වන විට පැමිණිලි 2500 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඒවා විග්‍රහ කිරීමේදී කඩිනමින් විසඳිය හැකි ගැටලු ( නම වෙනස් කිරීම) අංකය වෙනස් කිරීම සහ කාලය ගතවන ගැටලු (සීමා වෙනස් කිරීම)  ලෙස වර්ග දෙකකට ඛෙදිය හැකි බවයි.  කෙසේ වෙතත් එම ගැටලු සියල්ලම ජනවාරි මාසය තුළ අවසන් කළහැකි බව අවධාරණය කරන ලදි. ඉන්පසු එය මාර්තු 31 දක්වා කල් දැමුණු බව වාර්තා විය. නැවත වරක් එය අගෝස්තු 31 දක්වා කල් දමා ඇති බව වාර්තා වේ. එය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසු නොවන බව අපගේ හැඟීමයි.

එබැවින් අප ඔබ තුමන්ගෙන් ඉල්ලා සිටින්නේ පළාත් පාලන ආයතන 336 න් පළාත් පාලන ආයතන කිහිපයකට අදාළව පැමිණිලි ලැබී තිබේද (කමිටුව විසින් පැමිණිලි ලබාගැනීම සඳහා ලබාදුන් අවසන් දිනට) කිසිදු පැමිණිල්ලක් නැති පළාත් පාලන ආයතන ප්‍රමාණය කොපමණද. එමෙන්ම කඩිනමින් විසඳිය හැකි ගැටලු සහිත පළාත් පාලන ආයතන ප්‍රමාණය කොපමණද සහ කාලය ගතවන පළාත් පාලන ආයතන ප්‍රමාණය කොපමණදැයි සළකා බලා  කඩිනමින් විසඳිය හැකි පළාත් පාලන ආයතනවල ගැටලු කඩිනමින් විසඳා මැතිවරණ පැවැත්වීම සඳහා ගැසට් පත්‍රය පළකරන ලෙසත් සියලුම පළාත් පාලන ආයතනවල මැතිවරණ කඩිනමින් පැවැත්වීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තුතියි,
මෙයට විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

පිටපත :- 
1.සභාපති තුමා, මැතිවරණ කොමිෂන් සභාව
2.ලේකම් තුමා, සියලු දේශපාලන පක්ෂ
3.උනන්දුවක් දක්වන සෙසු ආයතන
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com