පුවත්

මාර්තු 12 ව්‍යාපාරයේ සහන සේවා වැඩසටහන සාර්ථකව අවසන්

පැෆ්රල් හා මාර්තු 12 ව්‍යාපාරය එක්ව සංවිධානය කරන ලද සහන සේවා වැඩසටහන පසුගියදා අරනායක ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දියත් කෙරෙන.

 \"\"පැෆ්රල්  හා මාර්තු 12 ව්‍යාපාරය එක්ව සංවිධානය කරන ලද සහන සේවා වැඩසටහන පසුගියදා අරනායක ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දියත් කෙරෙන.


මෙහිදී කඳවුරු කිහිපයක් වෙත ගිය මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිත පිරිස දැනට කඳවුරුවල රැඳීසිටින ජනතාව සමග අදහස් හුවමාරු කරගැනීමද සිදුකල අතර එහිදී ඔවුන් පෙන්වාදුන්නේ ඉදිරියේදී සිය ජීවිත ගොඩනගාගැනීම වෙනුවෙන් රටේ සමස්ත ජනතාවගේ සහාය අවශ්‍ය වන බවයි.

මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් දැනට කඳවුරු බාරව සිටින නිලධාරීන් සමගද අදහස් හුවමාරු කරගත් අතර ඔවුන් පෙන්වාදුන්නේ මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක මාර්තු 12 ව්‍යාපාරයේ සාධනීය මැදිහත්වීම මහත් සේ අගය කරන බවයි.

එහිදී මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් පෙන්වාදුන්නේ ප්‍රථම අදිරයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම සිදුකරන අතරම දිගුකාලීන ව්‍යාපෘතියක් ලෙස පීඩාවට පත් ජනතාවගේ ජීවිත ගොඩනැගීම වෙනුවෙන් සිය ව්‍යාපාරය අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බවයි.
 

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com