පුවත්

මහජන එක්සත් පෙරමුණ හා මාර්තු 12 ව්‍යාපාරය අතර සාකච්ඡාවක්

මාර්තු 12 ව්‍යාපාරය හා මහජන එක්සත් පෙරමුණේ නායක පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (17) පැෆ්රල් කාර්යාලයේදී පැවැත්වින.

\"\"මාර්තු 12 ව්‍යාපාරය හා මහජන එක්සත් පෙරමුණේ නායක පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (17) පැෆ්රල් කාර්යාලයේදී පැවැත්වින.


ඉදිරි පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් තෝරාගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී මූලික අවධානය යොමුවිය.

එහිදී මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් පෙන්වාදුන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණය ලැයිස්තු ක්‍රමයක් මත පදනම් වන නිසා  ඡන්දදායකයින්ට සිය නියෝජිතයින් තෝරාගැනීමට ඇති අයිතිය සීමාසහිත වන බැවින් ඉතාමත් සුදුසු අපේක්ෂකයින් තෝරාගැනීමේ වගකීම ඇත්තේ දේශපාලන පක්ෂවලටම බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට සහභාගීවූ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මහජන එක්සත් පෙරමුණේ නියෝජිතයින් එකඟතාව පලකර සිටි අතර මැතිවරණය දිගින් දිගටම කල්යාම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදි අවධානය යොමුවිය.

මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, රයිට්ස් නව් විධායක අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධන, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර, හා ශාන් විජේතුංග ,පැෆ්රල් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඩීන්  මහත්වරුන්  හා පැෆ්රල් ව්‍යාපෘති නිලධාරීනී උපේක්ෂි ප්‍රනාන්දු මෙනෙවිය ඇතුළු පිරිසක් එක්වූහ.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com