පුවත්

කෝප් කමිටුවේ නිර්දේශ පසෙක දැමිය නොහැකියි - කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති

මාර්තු 12 ව්‍යාපාරය විසින් කෝප් වාර්තාව සහ රාජ්‍ය මුදල් පිළිබඳ මහජන නියෝජිතයාගේ වගකීම මැයෙන් පසුගියදා මහජන සම්මන්ත්‍රණයක් සහ විවෘත සංවාදයක් පැවැත්වින.

\"\"මාර්තු 12 ව්‍යාපාරය විසින් කෝප් වාර්තාව සහ රාජ්‍ය මුදල් පිළිබඳ මහජන නියෝජිතයාගේ වගකීම මැයෙන් පසුගියදා මහජන සම්මන්ත්‍රණයක් සහ විවෘත සංවාදයක් පැවැත්වින.

කෝප් කමිටු සභාපති පා.ම සුනිල් හඳුන්නෙත්ති, හිටපු විගණකාධිපති සරත් මායාදුන්න, රාවය පුවත්පතේ කර්තෘ කේ.ඩබ් ජනරංජන යන මහත්වරුන් ඊට කථිකයින් වශයෙන් සහභාගීවූ අතර සංවාදය මෙහෙයවනු ලැබුවේ මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ප්‍රවීණ මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතා විසිනි.

එහිදී හිටපු විගණකාධිපති සරත් මායාදුන්න මහතා පෙන්වාදුන්නේ ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් වාර්තාව තවත් ලියවිල්ලක් පමණක් නොකර නැවත නැවත විවාදයට ගෙන එහි නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ තත්ත්වයට පත්කළ යුතු බවයි.

එමෙන්ම කෝප් කමිටු සභාපති පා.ම සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වාදුන්නේ  අදාළ වාර්තාව කි‍්‍රයාත්මක නොකර පසෙකට දැමීමට නොහැකි වන පරිදි ශක්තිමත් නිර්දේශ කිහිපයක් එහි ඇතුළත් කර ඇති බවයි. 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com