පුවත්

ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම අපගේ ප්‍රධාන අභිප්‍රායයි - පැෆ්රල් විධායක අධ්‍යක්ෂ

ක්‍රමය පිළිබඳව ප්‍රශ්නයක් නොමැති බවත් සිදුකල යුතුව ඇත්තේ කුමන ක්‍රමයකට හෝ පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුව ඇති බව මහජන එක්සත් පෙරමුණ පවසයි.

\"\"ක්‍රමය පිළිබඳව ප්‍රශ්නයක් නොමැති බවත් සිදුකල යුතුව ඇත්තේ කුමන ක්‍රමයකට හෝ පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුව ඇති බව මහජන එක්සත් පෙරමුණ පවසයි.

මහජන එක්සත් පෙරමුණු නායක පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසූයේ පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් වූ සිවිල් සමාජ කමිටුවේ නියෝජිතයින් පිරිසක් පසුගියදා හමුවූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේ ආණ්ඩුවට මැතිවරණ පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවට පැහැදිලිව පෙනීයන බවයි. එමෙන්ම පළාත් සභා තුනක නිල කාලය ඉක්මවාගොස් මේ වන විට මාස 11 කට ආසන්න කාලයක් ගතව ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති අර්ථ නිරූපනද සැලකිල්ලට ගනිමින් මැතිවරණ ඉක්මණින් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කල යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.  

සිවිල් සමාජ කමිටුව නියෝජනය කරමින් ඊට සහභාගීවූ පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ කිසිදු පාර්ශවයකට ප්‍රජාතවන්ත්‍රවාදයේ වටිනාකම් පිළිබඳ අදහසක් නොමැති බවයි.  එමෙන්ම ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කරදීම වෙනුවෙන් අරගල කල යුතුව ඇති බවත් හෙට්ටිආරච්චි මහතා එහිදී පැවසීය.

මෙම සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් වූ සිවිල් සමාජ කමිටුවේ විසින් සකස්කල අවසන් වාර්තාවේ පිටපතක්ද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමන් හට ලබාදීම සිදුවිය.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com