සෞඛ්‍යය ජන අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු
කොවිඩ් 19 වයිරසය මනුෂ්‍ය වර්ගයාට තමන් ගැන, සමාජය ගැන, පරිසරය, විද්‍යාව, තාක්ෂණය, සංවර්ධනය, මුදල් ආදී බොහෝ දේ ගැන නැවත සිතන්නට මග විවර කර ඇත. එපමණක් නොව කොවිඩ් 19 මිනිසුන් මැන ගැනීමට කියවීමටද සමාජ
කොවිඩ් 19 වයිරසය මනුෂ්‍ය වර්ගයාට තමන් ගැන, සමාජය ගැන, පරිසරය, විද්‍යාව, තාක්ෂණය, සංවර්ධනය, මුදල් ආදී බොහෝ දේ ගැන නැවත සිතන්නට මග විවර කර ඇත. එපමණක් නොව කොවිඩ් 19 මිනිසුන් මැන ගැනීමට කියවීමටද සමාජයට ඉඩකඩ විවර වී තිබේ. ශ්‍රී ලංකා පුරවැසියන් වන අපට පාර්ලිමේන්තු මැතිවරණය අරභයා සමාජයේ තීරක බලවේග ක්‍රියාකරන ආකාරය අනුව ඔවුන්ගේ අවංකභාවය, රටේ පුරවැසියා පිළිබඳ දක්වන ආකල්ප, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔවුන් ලබාදෙන වටිනාකම ආදිය මැනගත හැකිව ඇත. මේ පරීක්ෂාවට අද භාජන වන පිරිස වනුයේ දේශපාලන නායකයන්, මැතිවරණ කොමිසම, සමහර වෘත්තියවේදීන්, වෘත්තිය සමිති හා සමහර ආගමික නායකයන්, දේශපාලනීකරණයට ලක්වූ සමහර සිවිල් ක්‍රියාකාරීන්, මාධ්‍ය ආයතන පිළිබඳ මහජනයාගේ පරීක්ෂාවට ලක්වෙමින් තිබේ.
එය කොවිඞ් 19 ජනතාවට ලබාදී ඇති අනගි අවස්ථාවකි. එය ඔවුන් කෙතරම් දුරට බැරෑරුම්ව සලකා බලන්නේද යන්න ගැටලුවකි.
පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසම ගත් තීන්දුවත් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කොරෝනා වයිරසය මැඩලීමට සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ දරන අති විශාල කැපකිරීමත් ජනතාවට අස්වැසිල්ලකි.
එහෙත් කොරෝනා සමග අත්වැල් බැඳගෙන තිබෙන දේශපාලනය පිළිකුල් සහගතය. මේ මොහොතේ සියලු දේශපාලන නායකයන් කළ යුතු වන්නේ පක්ෂ, පාට දේශපාලනය ඉවතලා ජාතියක් ලෙස රට මුහුණ දී ඇති අභියෝගයෙන් ගැලවීමට සාමූහික උත්සාහයක් දැරීමය. එහෙත් ජාතියේ අවාසනාවකට එවැනි සේයාවක් හෝ දකින්නට නැත.
කෙසේ වෙතත් ජනතාව කොරෝනා සමගම ජන ජීවිතය අරඹමින් සිටින පරිසරය තුළ සහ කොරෝනා සම්පූර්ණයෙන්ම අවසන් කළ හැකි දිනයක් පැවසිය හැකි කිසිවකු නොමැති තත්ත්වයක් තුළ මැතිවරණය කෙරෙහිද අවධානය යොමුකළ යුතුව ඇත. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක් විශ්වාස කරන පුරවැසියකු වන මෙම ලියුම්කරු මෙම ලිපියෙන් අවධානය යොමුකරන්නට බලාපොරොත්තු වන්නේ මැතිවරණය පවත්වන ඕනෑම දිනයක මැතිවරණ කොමිසම හා අනෙකුත් බලධාරීන් අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමටය.එම කරුණු අතර තීරණාත්මක කරුණු කිහිපයක් මෙසේ පෙළගස්වමු.
- මැතිවරණයට අදාල සියලුම පාර්ශවකරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලසීමේ හැකියාව
- සියලුම දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ට සම බිමක් නිර්මාණය කිරීමේ හැකියාව
- ඡන්දදායකයා ඇතුළු සියලු පාර්ශව කෙරෙහි මැතිවරණ ක්‍රියාවලිය හා සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව විශ්වාසය ඇතිකිරීම
- දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ට තම වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා සාධාරණ හා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් දියත් කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම
- මැතිවරණ ව්‍යාපාරය තුළ පැන නගින ගැටලු නිරාකරණය සඳහා විනිවිදභාවය හා විශ්වසනීයත්වයක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
- මහ මැතිවරණයේ සමාජ වලංගුභාවය රැකගැනීම සඳහා අවශ්‍ය සැලසුම් එනම් සියයට 50 ඉක්මවා යන ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්දපොළට කැඳවාගැනීම සඳහා වැඩපිළිවෙළක්
- කොවිඩ් 19 තත්ත්වයට අනුව මැතිවරණ ක්‍රියාවලිය තුළ හා විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව කරනු ලබන ප්‍රායෝගික වෙනස්කම් පිළිබඳව ඡන්ද දායකයන් දැනුවත් කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක්
මැතිවරණයට අදාල පාර්ශවකරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලසීමට ඇති හැකියාව
මැතිවරණයකදී මුළු රටම පාර්ශවකරුවන් වන නමුදු එයින් යම් පිරිසක් මැතිවරණ ක්‍රියාවලිය තුළදී සුවිශේෂී කාර්යභාරයක් කරති. එනම් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශ, තරගවදින අපේක්ෂකයන්, ඡන්දදායකයන්, මැතිවරණ නිරීක්ෂකයන්, මාධ්‍යවේදීන් මේ එක් එක් කණ්ඩායමේ භූමිකාව හා එහි බර වෙනස්වන නමුදු මේ සෑමදෙනෙක්ම මැතිවරණ ක්‍රියාවලියක සාර්ථකභාවයට අවශ්‍ය මැදිහත්වීම් කරන්නාහ.
එබැවින් මැතිවරණ කොමිසම මැතිවරණ දිනය තීන්දු කිරීමේදී මේ සෑම පාර්ශවකරුවකුගේම සෞඛ්‍යට හෝ ජීවිත වලට ඇති අවදානම සැලකිල්ලට ගතයුතුය. එමෙන්ම ඒ ඒ පාර්ශවවලට තමන්ගේ කාර්ය සිදුකිරීමට ඇති හැකියාව සහ බාධා තිබේද යන්න කොමිසමේ අවධානයට ලක්විය යුතුය.
එහිදී විශේෂයෙන්ම මැතිවරණ ක්‍රියාවලියට දායක වන රාජ්‍ය නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. එය ඔවුන්ගේ රැකියාවේ කොටසක් වුවද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබාදීමට ඔවුන්ට විශාල කැපකිරීමක් කිරීමට සිදුවන අතර එය ජීවිත අවදානමක් නොවන ආකාරයට සැලසුම් කිරීම බලධාරීන්ගේ වගකීමකි.
මැතිවරණ ක්‍රියාවලියේ සියලු අදියර විශ්ලේෂණය කර එහිදී වැඩිපුර නිලධාරීන් ඒකරාශී වන අවස්ථා අවම කිරීමටත් එහිදී ඇතිවන අවදානම අවම කිරීමටත් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම හඳුන්වාදීමත් කළ යුතුය. ඒ සඳහා ලෝකයේ වෙනත් රටවල අත්දැකීම්ද සැලකිල්ලට ගත හැකිය.
ඡන්ද ගණන් කිරීමේදී ඇතිවන සෞඛ්‍ය තර්ජනය අවම කිරීම සඳහා වර්ග ප්‍රමාණය වැඩි ශාලාවක් භාවිත කිරීම, ඡන්දය ගණන් කිරීම නිරීක්ෂණය සඳහා තාක්ෂණික ක්‍රම භාවිත කිරීම, නියෝජිතය සංඛ්‍යාව අඩුකිරීම පිළිබඳ දේශපාලන පක්ෂ සමග එකඟතා ඇතිකරගැනීම ආදිය කළයුතුය. මැතිවරණයකදී ප්‍රධාන පාර්ශවකරුවකු වන අපේක්ෂකයන් සෞඛ්‍ය ආරක්ෂණ සාමාන්‍ය තත්ත්වය යටතේ මැතිවරණ කොමිසමේ වගකීමක් නොවූවද කොවිඞ් තත්ත්වය හමුවේ මැතිවරණ පිළිබඳ ගනු ලබන තීරණ වලදී මෙම කරුණුද බැහැර කිරීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නොමැත. එමෙන්ම මැතිවරණ නිරීක්ෂකයන්, මාධ්‍ය හා ඡන්දදායකයන් ඇතුළු සියලු පාර්ශවකරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව රැකෙන පරිදි හා එම කණ්ඩායම් සමග විධිමත්ව සම්බන්ධීකරණයක්, අවබෝධයක් හා සහිතව තම තීන්දු ගැනීමට මැතිවරණ කොමිසම සමත් වුවහොත් වඩා යහපත් තීන්දුවක් ගැනීමට හැකියාවක් ඇති අතර එහි වගකීමද බෙදීයනු ඇත.
සියලුම දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ට සම බිමක් නිර්මාණය කිරීමේ හැකියාව
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිරන්තර මතුකරන කරුණක් වනුයේ “මැතිවරණ” කියන විටම එහි අර්ථය නිදහස් හා සාධාරණ මැතිවරණයක් යන්න අන්තර්ගත වන බවය. එය එසේ නම් මැතිවරණයක් නාමිකව පැවැත්වීමෙන් එහි අපේක්ෂාව ඉටුනොවේ. එහිදී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු වන්නේ සියලු තරඟකරුවන්ට සමබිමක් හිමිව තිබේද යන්නයි. එසේ සමබිමක් නොමැත්තේ නම් එම සමබිම ඇති කිරීම නීතිමය සීමාවලට යටත්ව මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමකි. එය පවතින නීති රාමුව හා ප්‍රායෝගික යථාර්ථය තුළ ඉතා දුෂ්කර කටයුත්තක් වුවද එය නොසලකා හැරීමට කොමිෂන් සභාවට හැකියාවක් නොමැත. ඒ සඳහා ගත යුතු සියලු පියවර ගනු ඇතැයි අප විස්වාස කරමු.
මෙහිදී සාමාන්‍ය තත්ත්වය යටතේ ක්‍රියාත්මක මැතිවරණයකට වඩා වගකීම්සහගතව කටයුතු කිරීමට මැතිවරණ පිළිබඳව තීන්දු ගනු ලබන පිරිසට සිදුවේ. මෙවර මැතිවරණයේදී දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයෝ 3652 ක්ද ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂකයෝ 3800 ක්ද ඇතුළත්ව අපේක්ෂකයෝ 7452 ක් තරඟ කරති. මෙම පිරිසට ප්‍රචාරණ ව්‍යාපාරය තුළදී සමබිමක් නිර්මාණය විය යුතුය. දැනටමත් කොරෝනා සුබසාධන ක්‍රියාවලිය දේශපාලනීකරණය වීම හරහා ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයට අතිරේක වාසියක් හිමිවී ඇත.
එමෙන්ම විපක්ෂයේ සමහර අපේක්ෂකයන්ද සුබසාධන ක්‍රියාවලිය තුළ ජනතා ප්‍රසාදය ලබාගැනීමට උත්සාහ දැරීම්ද නිරීක්ෂණය වේ. ජාතික විපතකදී මෙවැනි තත්ත්වයක් සම්පූර්ණයෙන්ම වැළැක්විය නොහැකි අතර මනාප අංක ලබාදීමෙන් පසු මෙම සමබිම පවත්වාගැනීමට මැතිවරණ කොමිෂන් සභාව උපරිම උත්සාහ දැරිය යුතුය.
ඡන්ද දායකයා ඇතුළු සියලු පාර්ශව කෙරෙහි මැතිවරණ ක්‍රියාවලිය හා සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව විශ්වාසය ඇතිකිරීම
අභියෝගාත්මක සෞඛ්‍ය තත්ත්වයක් තුළ අප මැතිවරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළද එහි සියලු පියවර වෙනත් මැතිවරණවල ආකාරයටම විනිවිදභාවයක් සහිතව ක්‍රියාත්මක වන බවට මැතිවරණයේ සෑම පාර්ශවකරුවකු තුළම විශ්වාසය ගොඩනැගිය යුතුය. එය ගොඩනැගෙන ආකාරයට බලධාරීන් ක්‍රියාකළ යුතුය.
මැතිවරණයේ වලංගුභාවය එහි විශ්වාසයද තීරණාත්මක සාධකයකි. එහි විනිවිදභාවය ගොඩනැගීමට මැතිවරණ ක්‍රියාවලයේ සෑම පියරවක් පිළිබඳවම ජනතාව ඇතුළු සියලු පාර්ශවකරුවන් දැනුවත් කිරීමට විධිමත් ක්‍රමවේදයක් තිබිය යුතුය.
එමෙන්ම මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධවීම හරහා කිසිදු පාර්ශවකරුවකුට සෞඛ්‍ය ගැටලුවක් ඇතිනොවන බවට විශ්වාසයක් ඇතිවන ආකාරයේ වැඩපිළිවෙළක් සකස්විය යුතුය. එවැනි වැඩපිළිවෙළක් පිළිබඳව විශ්වාසයක් ජනිත කිරීමට සමත්වුවහොත් බාධාවකින් තොරව රාජ්‍ය නිලධාරීන් මැතිවරණය ක්‍රියාවලියට සම්බන්ධ වනු ඇත.
දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ට තම වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සාධාරණ හා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් දියත් කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම
දේශපාලන පක්ෂවලට හා අපේක්ෂකයන්ට මැතිවරණ ක්‍රියාවලිය තුළ සමබිමක් තිබීම අනිවාර්ය අංගයක් සේම එම සමබිම තුළ තම වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සාධාරණ ක්‍රමවේදයක් තිබිය යුතුය. වසර 72 ක් මුළුල්ලේ අපගේ සාම්ප්‍රදායික ක්‍රමය වූයේ ප්‍රසිද්ධ මහජන හමු හෙවත් විශාල ක්‍රීඩා පිටි වෙත පාක්ෂිකයන් කැඳවා රැස්වීම් පැවැත්වීමයි.
එහෙත් සමාජ දුරස්ථකරණය අනුව එය පෙර ආකාරයෙන්ම පැවැත්වීම කළ නොහැකි බැවින් විකල්ප ප්‍රචාරක ක්‍රම පිළිබඳව අවධානය යොමුකළ යුතුය. පවතින නීතිය තුළ ඇතිකරගත හැකි නව එකඟතා පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුකළ යුතුය. ගෙන්ගෙට යාම, කුඩා කණ්ඩායම් රැස්වීම්, පත්‍රිකා බෙදීම, සමාජ මාධ්‍ය භාවිතය, ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් නව දැන්වීම් පුවරු ස්ථාපිත කර නිසි ක්‍රමවේදයකට මනාප අංක ප්‍රදර්ශනයට ඉඩකඩ ලබාදීම, මැතිවරණ කොමිසම මගින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සමග බෙදාහැරීමේදී පක්ෂවලින් ලබාගන්නා නිශ්චිත ප්‍රමාණයකට සකස්කරන නිවේදන බෙදාහැරීමට ඇති හැකියාව සලකා බැලීම , පක්ෂ නායකයන්ට ප්‍රධාන මාධ්‍ය ධාරා තුළ ඉඩකඩ වෙන්කිරීම වැනි නව ප්‍රචාරණ ක්‍රම පිළිබඳව එකඟතා ඇතිකර ගත හැකි අතර කෙසේ වෙතත් සෑම අපේක්ෂකයකුටම තම වැඩපිළිවෙළ හා මනාප අංක පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ක්‍රමවේදයක් තිබිය යුතුය. එමෙන්ම පරිසර හිතකාමී, සාමකාමී හා නීත්‍යනුකූල මැතිවරණ ව්‍යාපාරයක් කිරීම සඳහා වත්මන් තත්ත්වය ආශිර්වාදයක් කරගත හැක.
මැතිවරණ ව්‍යාපාරය තුළ පැන නගින ගැටලු නිරාකරණයට විනිවිදභාවය හා විශ්වසනීයත්වයක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම පිළිබඳව තීන්දු ගැනීමේදී මැතිවරණ පැමිණිලි කඩිනමින් හා විනිවිදභාවයක් සහිතව විභාග කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුය.
මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමෙන් පසු දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ගේ, ඡන්දදායකයන්ගේ සහ නිරීක්ෂක සංවිධාන වලට මතුවන ගැටලු වලට ක්ෂණික විසඳුම් ලබාදීමට අසමත් වුවහොත් මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව ඇති විශ්වාසය බිඳවැටෙනු ඇත. විශේෂයෙන්ම රාජ්‍ය බලය හා දේපළ අවභාවිතය මැතිවරණ නීති උල්ලංඝනය, ප්‍රචණ්ඩකාරී සිදුවීම්, ප්‍රචාරක කටයුතු සඳහා වන බාධාකිරීම් සඳහා ක්ෂණික මැදිහත්වීම් අවශ්‍යව ඇත. පසුගිය මැතිවරණ වලදී මැතිවරණ කොමිෂන් සභාව ජාතික මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කළ පැමිණිලි විමර්ශන කමිටුව (EDR UNIT) මනාප අංක ලබාදීමත් සමග විධිමත්ව ආරම්භ විය යුතුය.
එමෙන්ම එම යාන්ත්‍රණය සියලු පාර්ශවකරුවන්ගෙන් සමන්විත වියු යුතුය. එනම් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට අමතරව පොලිසිය, දේශපාලන පක්ෂ නියෝජිතයන්, නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් සඳහා එම ක්‍රියාවලිය විවෘත විය යුතුය. ලැබෙන සෑම පැමිණිල්ලකටම කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතු අතර එය සියලු පාර්ශවකරුවන්ට දැනගැනීමට සැලැස්විය යුතුය. මහජන විශ්වාසය ගොඩනගාගත හැක්කේ ඒ හරහා පමණි.
මහ මැතිවරණයේ සමාජ වලංගුභාවය රැකගැනීම සඳහා අවශ්‍ය කරන සැලසුම් එනම් සියයට 50 ඉක්මවා යන ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්දපොළට කැඳවාගැනීම සඳහා වැඩපිළිවෙළක්
ඕනෑම මැතිවරණයක ප්‍රතිඵලයක වලංගුභාවය රඳාපවතින කරුණු අතර ප්‍රධාන තැනක් භාවිත වන ඡන්ද ප්‍රතිශතය මත තීරණය වේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණවලදී ඡන්දය භාවිත කිරීම කලාපයේ රටවල් අතර ඉහළ ප්‍රතිශතයක් උසුලයි. එය සියයට 70 – සියයට 80 ප්‍රමාණයේ පවත්වාගැනීමට ශ්‍රී ලංකාවේ මැතිවරණ නිලධාරීන් හා ජනතාව සමත්ව තිබේ. කොවිඩ් සමාජ උවදුර සමග පවත්වන මැතිවරණයකදී වුවද අවම වශයෙන් සියයට 50 ක් ඉක්මවා යන ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවිය යුතුය. ඒ සඳහා ඡන්ද දිනය, ඡන්දපොළ ක්‍රියාවලිය, සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද මගින් සන්නද්ධව ඇති බව, ඡන්දදායකයාට තහවුරු විය යුතුය.
තමන් ඡන්දය භාවිත කිරීමට පැමිණෙන ඡන්ද පොළට යෑම හරහා කොවිඩ් වැළඳීමේ අවදානමක් නොමැති බව ඡන්දදායකයාට අවබෝධ විය යුතුය. ඒ සඳහා ලෝකයේ වෙනත් රටවල් භාවිත කළ ක්‍රමවේද සැලකිල්ලට ගනිමින් මැතිවරණ දිනය ඉහත කරුණු සැලකිල්ලට ගෙන තීන්දු කිරීමත් කළ යුතුය. සමාජ දුරස්ථභාවය රැකගැනීම, වැඩිහිටි, ආබාධිත හා ගැබිනි මවුවරුන් වැනි පිරිස සඳහා විශේෂ වැඩපිළිවෙළක්, ඡන්දදායකයන්ගේ උෂ්ණත්වය මැනීමට ක්‍රමවේදයක්, සැකසහිත පුද්ගලයන්ට ඡන්දය භාවිත කිරීම සඳහා වෙනම ක්‍රමවේදයක්, ඡන්ද පොළ තුළ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් හා ඡන්දය දිනයේදී අසත්‍ය ප්‍රචාර වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසීම අත්‍යවශ්‍ය වේ.
කොවිඞ් 19 තත්ත්වයට අනුව මැතිවරණ ක්‍රියාවලිය තුළ හා විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව කරනු ලබන ප්‍රායෝගික වෙනස්කම් පිළිබඳව ඡන්දදායකයන් දැනුවත් කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක්
කොවිඩ් 19 තත්ත්වයට අනුව මැතිවරණ ක්‍රියාවලියේ සිදුකිරීමට නියමිත වෙනස්කම්, සෞඛ්‍ය ආරක්ෂිත භාවිතාවන් දේශපාලන පක්ෂ හා ඡන්දදායකයන් දැනුවත් කිරීම සඳහා විධිමත් හා අඛණ්ඩ වැඩපිළිවෙළක් මැතිවරණ කොමිෂන් සභාව සතුවිය යුතුය. ඒ හරහා ජනතාවට අඛණ්ඩ තොරතුරු ගලායාමක් සිදුවිය යුතුය.
මැතිවරණ දිනය තීන්දු කිරීමේදී සලකා බැලිය යුතු බොහෝ කරුණු අතර ඉහත කරුණු කෙරෙහි බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු බව මෙම ලියුම්කරුගේ අදහසයි. මැතිවරණ දිනය දිගින් දිගටම කල්දැමිය යුතු යැයි අප විශ්වාස නොකරන නමුදු ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ජීවිත අවදානමක හෙළීමට කිසිවකුට අයිතියක් නොමැත. එහෙත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්ම උදෙසා ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් තෝරාගැනීමේ අප සතු අයිතියද අප රැකගත යුතුව ඇත.
(විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් සම්පාදිත ලිපියකි.)
ලංකාදීප පුවත්පත - 01.06.2020