මැතිවරණ කොමසාරිස් ලියුම් ලියන්නෙක් වෙලා
විජිත හේරත්
සිරිමන්ත රත්නසේකර
මැතිවරණ කොමසාරිස්‌වරයා මේ වන විට ලියුම් ලියන්නෙක් බවට පමණක් පත්ව ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, දේශපාලන මණ්‌ඩල සභික විජිත හේරත් මහතා ඊයේ (01 වැනිදා) zදිවයිනZ ට පැවසීය.
කොන්ද කඩා දමා ඇති ඔහුගේ නියෝගවලට පොලිසිය ක්‍රියාත්මක නොවන බවත් හෙතෙම පැවසීය.
වත්මන් ආණ්‌ඩුව ගෙනා 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මැතිවරණ කොමසාරිස්‌වරයාව මේ තත්ත්වයට පත් කළ බවත් ඔහුට තිබෙන සාක්‍ෂි අනුව නීතිය ක්‍රියාත්මක නොවන බවත් විජිත හේරත් මහතා කියා සිටියේය.
කාටුන් ශිල්පීන් ඒ මහතාව වැඩබැරි ටාසන් කෙනකු ලෙස නම් කරන්නේ ඒ නිසා යෑයි හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com